මගේ කතාවක් අහලා මිනිස්සු මාව කුණු කාණුවක එබුවා! – ජනාධිපති

March 13, 2019 at 10:04 am | by admin

බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ කැලණියේ අතුරුමැතිවරණ වේදිකාවක කතාවක් පැවත් වූ තමා අසල සිටි ජනතාව විසින් අල්ලා කුණු කාණුවකට විසි කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එකල තමා සමූපකාර සැපයුම් නිලධාරියකු ලෙස සේවය කළ බව සිහිපත් කළ සිහිපත් කළ ජනාධිපතිවරයා වනවාසල දුම්රියපොළ පිටුපස මැතිවරණ රැලියක් ඇමතීමට එහි සිටි සිය මිතුරන් ආරාධනා කළ බව ද පැවසුවේය.

රැලිය අමතා දුම්රියට නැඟීමට පැමිණි තමා පිරිසක් විසින් අල්ලා ගෙන දැන් කතාවක් කළේ උඹදැයි විමසා කඩවීදිය අසලින් ගලන කුණු කාණුවට තමා විසි කළ බව හෙතෙම කීවේය.

සුදු පැහැ ඇඳුමක් හැඳ සිටි තමා කුණු වතුරේ ගිලි ගිය සැටිත් අනතුරුව දුම්රිය පැමිණි විගස දිවගොස් එහි එල්ලුණු සැටිත් ජනාධිපතිවරයා සිහිපත් කළේය. ඒ සමග දුම්රියේ සිටි පිරිස තමාට පිස්සෙක් කියා කෑ ගැසූ බව ද ඔවුන්ට තමා කුණු වතුර වළක වැටුණු බව පැවසූ බවද ජනාධිපතිවරයා පැවසුවේය.

පසුගිය 06 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා තමන් අතීතයේ මුහුණ දුන් සිදුවීමක් සම්බන්ධව මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස