එස්.බීට ඇමැතිකමක් දිනා ගැනීමේ දරුණු හෙම්බිරිස්සාවක් වැළඳිලා….! – අක්මීමන දයාරතන හිමි…

August 30, 2021 at 11:51 am | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය නිසා ආර්ථික දුෂ්කරතාවට පත් ජනතාවට ලබා දෙන රු. 2000 දීමනාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකටත් ලබා දිය යුතු බව අක්මීමන දයාරතන හිමි පවසයි.

සිංහල රාවය සංවිධානයේ සභාපති හිමි මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඩ් වසංගත තත්ත්වය හෑල්ලු කර කතා කරන එස්.බී. දිසානායක එය හුදු සෙම්ප්‍රශ්‍යාවක් පමණක් නම් ඔහු මුව ආවරණ පළඳින්නේ මන්දැයි ප්‍රශ්න කළේ ය.

මේ වන විට කොවිඩ් වසංගතය සඳහා රජය රු. කෝටි 30 000ක් පමණ වැයකර ඇති බවත් එය සෙම්ප්‍රතිශ්‍යාවක් නම් ඉඟුරු කොත්තමල්ලි ටිකක් පානය කිරීම ප්‍රමාණවත් බවත් එහිමියෝ අවධාරණය කරති.

එස්.බී. දිසානායකට මේ වන විට අමාත්‍යංශයක් දිනා ගැනීමේ හෙම්බිරිස්සාවක් වැළඳී ඇති බවත් දයාරතන හිමි වැඩි දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *