කොවිඩ් අරමුදලට පඩිය දෙන්න විදිහක් නෑ…! මුළු පඩිය ම බැංකු ණයට කැපෙනවා…! යන්තම් කාලා ඇඳලා ඉන්නේ බිරිඳගේ පඩියෙන්…! – එස්.බී.

August 28, 2021 at 8:08 am | by emanisa.lk

කොවිඩ් අරමුදල සඳහා තම වැටුප ලබා දීමේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක සඳහන් කරයි.

තම සම්පූර්ණ වැටුප බැංකුවකින් ගත් ණය සඳහා වාරික ලෙස කැපී යන බව ද ලක්ෂ 300ක් පමණ තමා ණය වී ඇති බව ද ඔහු අනාවරණය කරයි.

තමන් ජීවත් වන්නේ බිරිඳගේ වැටුපෙන් බවත් කොවිඩ් අරමුදල සඳහා කීයක් හෝ එකතු කර දීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවක දී එස්. බී. දිසානායක මේ අදහස් පල කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස