කොවිඩ් කියන්නේ පොඩි හෙම්බිරිස්සාවක්…! හැදෙන අයගෙන් 2%ක්වත් මැරෙන්නේ නෑ…! – එස්.බී.

August 26, 2021 at 5:42 pm | by emanisa.lk

කොවිඩ් රෝගය යනු බිය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසයි.

”මේ දැන් වෙනකොටත් ලංකාවේ මරණ අනුපාතය 1.9% යි. කොරෝනා පිළිබඳ මහා මරණ බයක් මේ මිනිස්සුන්ගේ සිත් තුළ ඇතිකරන්න හොඳ නැහැ. මරණ බය මරණයට ප්‍රධාන හේතුවක් වෙනවා.

ඒ නිසා මෙය එහෙම බය විය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි. කොරෝනා අසනීපය හැදෙන 81%ක් එයාලගේ ඇඟට පතටත් නොදනි හොඳ වෙලා ගෙදර යනවා.

සමහර අය දන්නෙත් නැහැ හැදිලා හොඳ වෙනකම්. 14%ක් යන්තම් පොඩි හෙම්බිරිස්සාවක් වගේ එකක් හැදිලා පුංචි උණක් ගැනිලා හොඳ වෙලා යනවා.”

ඔහු මේ බව සඳහන් කළේ අද (26) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *