ආණ්ඩුවේ පිරිසක් විපක්ෂයට…! පළමු වටයෙන් ම 2/3 අහිමියි…!

March 5, 2022 at 12:01 pm | by emanisa.lk

ලබන අඟහරුවාදා (08) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ 30කට ආසන්න මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල එම තනතුරුවලින් ඉවත් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ සිටින පක්ෂ 11ක නායකයන් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීන්දු කර ඇති බවත් දැනගන්නට තිබේ.

යම් හෙයකින් කැරැලිකාර කණ්ඩායම නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් 30 දෙනා විපක්ෂයේ අසුන්ගතහොත් එවිට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 103 දක්වා ඉහළ යෑමට නියමිතය.

එවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 121ක් බවට පත්වී, පළමු වටයේ දීම තුනෙන් දෙකේ අති බහුතර බලය අහිමි වීමට නියමිත බව දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *