ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේ ම සාකච්ඡා කර විසඳා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති මන්දිරයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය ඇතුළේ ප්‍රශ්න පිටතට ගොස් විවේචනය කිරීම සුදුසු නොවන බව ද ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කර ඇත.
කාබනික පොහොර වගා වැඩසටහන හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත එකක් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇති වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන ඇතැම් පිරිස් ආණ්ඩුවවෙි සිටිමින් එළියෙ දි ආණ්ඩුව විවේචනය කිරීම අනුමත කළ නොහැකි බව පවසා ඇත. ඊට පිළිතුරු දී ඇති ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර විවේචනය හවුල් ආණ්ඩුවලට අලුත් දෙයක් නොවන බව සඳහන් කර ඇත.
ආණ්ඩුව යහපත් මගකට ගැනීමේ අරමුණින් කෙරෙන විවේචන සාධනීය ලක්ෂණයක් බව පෙන්වා දී ඇති ඇමැතිවරයා 1970 සිට ම තමා එය අත් දැක ඇති බව ද පවසා ඇත.