නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එරෙහිව ගොඩ නැගූ දේශපාලන පක්ෂ දහයේ එකතුව සෑම මසකම රැස් වී සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.
වත්මන් රජය බිහි කිරීමට දායකත්වය දැක් වූ මෙම පක්ෂ දහයේ නායකයෝ පසුගිය සෙනසුරාදා (30) පළමු වරට ඇමැති විමල් වීරවංශගේ නිල නිවසේ දී රැස් වූහ. එහි දී නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එරෙහි සටනට දායක වීමටද ඔවුහු කථිකා කර ගත්හ.
රජය ගන්නා වැරදි තීන්දුවලට එරෙහිව හඬ නැගීමට මෙම පක්ෂ නායකයන් තීරණය කර ඇත. ඒ ආකාරයේ තවත් රැස්වීමක් ලබන 28 වැනිදා ද පැවැත්වීමට නියමිතය. තවත් දේශපාලන පක්ෂ කිහිපයක් ද මෙම පක්ෂ දහයේ එකමුතුවට සහයෝගය ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.