ආණ්ඩුවට විරුද්ධව බොරු ප්‍රවෘත්ති හැදුවේ පක්ෂයේ උවමනාවටයි…! – ජවිපෙ පරිගණක චිත්‍ර ශිල්පියා අධිකරණයට කියයි….අනතුරුව සිහිසුන් වෙයි….

January 28, 2021 at 9:02 pm | by emanisa.lk

මාධ්‍ය ආයතනවල ලාංඡන භාවිත කරමින් ආණ්ඩුව අපහසුතාවට පත් වන අන්තවාදී ප්‍රවෘත්ති පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිත් කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවෘත්ති අංශයේ පරිගණක චිත්‍ර ශිල්පියා ලබන මස 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා ඊයේ (27) නියෝග කළා ය.

තමන් මෙම ප්‍රවෘත්ති නිර්මාණය කෙළේ ජනතා විමුක්ති පෙරමුණේ වුවමනාව අනුව බව සැකකරු වන වීරප්පුලිගේ දුමින්ද සෙනරත් යන අය රහස් පොලිසියේ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත.

සැකකරු සම්බන්ධයෙන් රහස් පොලිසීය කරුණු දැක්වීමේ දී සැකකරු විත්ති කූඩුවේ සිහිසුන්ව ඇඳ වැටුණු අතර ඔහු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අධිකරණය නියම කරන ලදී.

ජනාධිපතිවරයාගේ ඡායාරූපය යොදා ගනිමින් මුහුණු පොතේ වෙනත් මාධ්‍ය ලාංඡන භාවිත කරමින් මොහු විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කර ඇති අතර මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශයක් ද විකෘති කර පළ කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. පරිගණක පනතේ 6 වැනි වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය සහ බුද්ධිමය දේපළ පනතේ 186 වැනි වගන්තිය යටතේ චෝදනා ගොනු කරමින් පරිගණක වෝහාරික අංශයේ ස්ථානාධිපතිවරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙළේය.

– දිනමිණ

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස