ආණ්ඩුවට එරෙහි සජබ විශ්වාසභංගයට TNA සහාය…!

April 16, 2022 at 6:03 pm | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දීමට තීරණය කර ඇත.

එම සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම ආරම්භ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අනාවරණය කළේ ය.

ලබන සඳුදා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේ දී විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව කිරිඇල්ල වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *