ආණ්ඩුවට ගෙදර යන්න ම වෙන හැඩ.! සජිත් අනුර අවසන් සටනට සූදානම්..! සජබ විශ්වාසභංගයට ජවිපෙ සහය…!

April 9, 2022 at 8:45 am | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත් වූ ජනතා නියෝජිතයන් ජන හඬට කන්දීම අනිවාර්යයෙන් කළ යුතු බවත් රටේ පාලනය ගෙන යෑමට ආණ්ඩුවට නොහැකි නම් නිසි ක්‍රමවේදයක් යටතේ වගකීම් භාරගෙන රට කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

වගකීම් භාරගෙන රට කරන විට විධායක ජනාධිපති ධුරයක් නොතිබිය යුතු බවත් ජන මතයට ඇහුම්කන් දී ආණ්ඩුව ඉවත් විය යුතු බවත් ඔහු පැවසුවේය.

මහ පාරේ සිටින ජනතාවගේ දුක් වේදනාව මතින් තනතුරු ගැනීමට සූදානම් නොවන්නේ යැයි ද, හොර ගිවිසුම් ගසා රටට අගතියක් කිරීමට අපේක්ෂාවක් නැති බව ද හෙතෙම කීය.

මේ අතර ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සහයෝගය දීමට ජාතික ජන බලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එහි දී කියා සිටියේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය දෝෂාභියෝගයක් ද ගෙනවිත් ඔහු ද ඉවත් කිරීමටත් ඉන් අනතුරුව අර්බුදය ගොඩ ගත හැකි නායකත්වයක් පත් කර ගැනීමට පියවර ගන්නා බවත් හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස