අවු. 18ට අඩු සියලු දරුවන්ට එන්නත් කළ යුතු නෑ….! නිදන්ගත රෝග සහිත දරුවන්ට එන්නත දුන්නම ඇති…! – විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා

September 11, 2021 at 1:49 pm | by emanisa.lk

අවුරුදු 18ට අඩු දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ දී නිදන්ගත රෝගවලින් පෙළෙන අය සඳහා පමණක් එන්නත ලබා දිය යුතු බව ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා පවසයි.

ඒ අනුව තැලසීමියා, වකුගඩු ආදි රෝග සහිත අවු. 12- 18ත් අතර දරුවන් සඳහා පමණක් ෆයිසර් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා පෙන්වා දෙයි.

ලංකාවේ එම වයස් කාණ්ඩයේ දරුවන් 14 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇති බව ඔහු සඳහන් කරයි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස