ළමයින්ට එන්නත දෙන්න හදිසි වෙන්න එපා…! ඇමරිකාවත් තවම දෙන්නේ නෑ…! – මහාචාර්ය තිස්ස විතාරණ…

September 6, 2021 at 12:28 pm | by emanisa.lk

දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට කඩිමුඩියේ තීරණ නොගත යුතු බවත් එය නිසි අධ්‍යයනයකින් සිදුකළ යුතු බවත් වෛරස් රෝග පිළිබඳව විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ රජයෙන් ඉල්ලා සිටියේය.

දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යන බව ප‍්‍රකාශ වන බවත් එසේ සිදුකරන්නේ නම් එය නිසි අධ්‍යයනයකින් පසුව සිදුකළ යුතු බවත් හෙතෙම කීවේය. මේ වන විට ඇමෙරිකාව පවා දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට එම එන්නත ලබාදීමට හදිසි නොවිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ෆයිසර් එන්නත කොවිඩ් වෛරසයේ කොටසක් ගෙන සකස් කරනු ලැබුවත් සයිනොෆාම් එන්නත අක‍්‍රීය කරන ලද කොවිඩ් වෛරසය උපයෝගී කරගෙන නිපදවන ලද්දක් නිසා ෆයිසර් එන්නතට වඩා සයිනොෆාම් එන්නත යම් ආරක්‍ෂාකාරී විය හැකි බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද තිස්ස විතාරණ පැවැසීය.

දැනට කොවිඩ් සඳහා භාවිත කරන එන්නත් සියල්ලම හදිසි අවශ්‍යතාව සඳහා භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දී ඇති බවත් ඉදිරියේදී නව වෛරස් ප‍්‍රභේද ඇතිවුවහොත් ඒවායෙන්ද ආරක්‍ෂා විය හැකි එන්නත් ඉදිරිපත් විය හැකි නිසා රටේ අනාගත පරපුරට එන්නත් ලබාදීමට කඩිනම් නොවිය යුතු බව මහාචාර්ය තිස්ස විතාරණ වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *