අවංක සියලු වාමාංශිකයින්ට අවසානයේ නතර වීමට සිදුවන්නේ අන්ත දක්ෂිණාංශික එජාප නැතහොත් සමගි ජනබලවේග කඳවුරේ බව රාජිත සේනාරත්න පවසයි.
සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමඟ සමාජවාදය අවසන් වූ බවත් නිර්ධන පන්තියේ ආඥාදායකත්වයක් නැවත ගොඩනැඟිය නොහැකි වීම ඊට හේතුව බවත් මන්ත්රීවරයා පෙන්වා දෙයි.
එහෙයින් වාමාංශිකයින්ට අවසානයේ ඉතිරි වන්නේ ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම් සහ මිනිස් නිදහස බව ද ඔහු සඳහන් කරයි.
වාමාංශිකයාගේ මූලික සටන ඇත්තේ ඒ වටා බවත් යහපාලනය යනු එහි ජයග්රහණයක් බවත් රාජිත සේනාරත්න අවධාරණය කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්රකාශ කළේ ය.