අලුත් ව්‍යවස්ථාව යටතේ නව මැතිවරණ ක්‍රමයක්! මනාප ක්‍රමය අහෝසියි!

September 3, 2020 at 9:16 am | by emanisa.lk

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වර්තමාන මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

එහි දී වර්තමාන සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට කේවළ සහ සමානුපාතික මැතිවරණ ක්‍රමවල සම්මිශ්‍රණයකින් සමන්විත ක්‍රමයක් හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

මේ සමග ම බොහෝ පාර්ශ්වල දැඩි දෝෂ දර්ශනයට ලක්වන මනාප ක්‍රමය අහෝසි වනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස