අලුත් ව්‍යවස්ථාව මේ අවුරුද්දේ ගේනවා…! 78 ව්‍යවස්ථාවට පැහැදිලි වෙනසක් ඕන…! – ජී.ඇල්….

January 18, 2021 at 7:50 am | by emanisa.lk

මෙම වසර අවසන් වීමට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට රජය අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මේ සඳහා පත්කර තිබෙන බවත් වසර 43 ක් පැරණි 1978 ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනසක් සිදුවිය යුතුව තිබෙන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

මහනුවර ගැටඹේ රජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරේදා (16) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස