ලබන වසරේ (2021) සිට අලුතින් ඉදිකරන පාසල් හා පෙර පාසල් ගොඩනැඟිලි සෙවිලි කිරීම සඳහා ඇස්බැස්ටෝස් යොදා ගැනීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.
මෙ රට නිවාස සෙවිලි කිරීම සඳහා ඇස්බැස්ටෝස් විශාල වශයෙන් යොදා ගෙන ඇති බවත්, ඇස්බැස්ටෝස් පිළිකා කාරකයක් ලෙස පර්‌යේෂණවල දී අනාවරණයවී ඇති බවත් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇස්බැස්ටෝස් වහළවල් සඳහා යොදා ගැනීම තහනම් කිරීමට මීට පෙර ද පරිසර අංශවල අවධානය යොමු වුවත්, ඊට විකල්පයක් ඉදිරිපත් නො වීම හේතුවෙන් ඇස්බැස්ටෝස් තහනම වරින් වර ඉවත් විය.
මේ අතර පරිසර ඇමැති මහින්ද අමරවීර උළු කර්මාන්තකරුවන් සමග කරන ලද සාකච්ඡාවක දී රටට අවශ්‍ය තරම් උළු තොග සැපයීමට හැකි බව එම කර්මාන්තකරුවන් සහතික කර තිබේ.