අලුත් කොවිඩ් රැල්ල හොඳට ම පාලන කළේ ලංකාව….! – ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය හෙළි කරයි….

May 15, 2021 at 12:31 pm | by emanisa.lk

මේ වන විට පැතිරෙන නව කොවිඩ් රැල්ල සාර්ථක ලෙස පාලනය කළ ආසියාවේ දෙවන රට ලංකාව බව තහවුරු වී තිබේ.

පසුගිය සතියේ ඒ ඒ රටවලින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව පදනම් කරගෙන මෙම ගණනය කිරීම සිදුකර තිබේ.

ජනගහනයෙන් මිලියනකට වාර්තා වන රෝගීන් ගණන එහි දී සැලකිල්ලට යොමු කර ඇත.

ශ්‍රී ලංකාවට වඩා සාර්ථක ලෙස මෙම රැල්ල පාලනය කර ඇත්තේ නේපාලය පමණි. මැලේසියාව, පිලිපීනය සහ ඉන්දියාව වැනි රටවල් ඇත්තේ ශ්‍රී ලංකාවට වඩා පහළිනි.

අදාළ මුල් වාර්තාව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *