අලුත් අවුරුද්දට හිරබත් කන්න හදන්න එපා…! උද්ඝෝෂකයින්ට පොලිසියෙන් රතු එළි…!

April 6, 2022 at 11:22 am | by emanisa.lk

ඕනෑ ම අයෙකුට සාමකාමී උද්ඝෝෂණ සිදුකිරීමට හැකියාවක් තිබුණ ද කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙමින් උද්ඝෝෂණ සිදුකරන්නන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අවධාරණය කරයි.

ඇතැම් උද්ඝෝෂණවල යෙදී සිටි පුද්ගලයින් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම් සහ අනර්ථය සිදුකිරීම් වැනි අකටයුතුවල නිරත වූ බව වාර්තා වී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ, එවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර වීඩියෝ සාක්ෂි ඉදිරියේ දී තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

එබැවින් කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *