අර්ධ සුඛෝපභෝගී බස් සේවාව නවතන්න! මගියාට අසුනක් දීලා ⁣දෙගුණයක ගාස්තුවක් ගැනීම වරදක්! – බස් ගැමුණු

June 14, 2020 at 4:42 pm | by emanisa.lk

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව වහා අහෝසි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න රජයෙන් ඉල්ලා සිටියේය.

මේ වනවිට අර්ධ සුඛෝපභෝගී බස්රථ 483 ක් ඇති බවත් ඒවා ආසන ගණනට මඟීන් ගෙන යන අතර ඒ සඳහා ප්‍රවේශ පත්‍රයකට සාමාන්‍ය ගණන මෙන් එකහමාරක් අය කරන බවත් පෙන්වා දුන් ඔහු මේ වන විට සාමාන්‍ය සේවාවන්හි බස්රථ ද ආසන ගණනට පමණක් මගීන් ගෙන යන බැවින් එකම සේවාව ගෙන යන බස්රථ සේවාවන් දෙකකට ප්‍රවේශපත්‍ර මිල ගණන් දෙකක් තිබීම විශාල අසාධාරණයක් බවත් කියා සිටියේය.

එම අර්ධ සුඛෝපභෝගී සේවාව අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නේ මේ නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාට හා විෂය භාර අමාත්‍යවරයාට ලිඛිතව දන්වා යැවූ බව ද හෙතෙම පැවසීය.

ගැමුණු විජේරත්න මේ අදහස් පළ කළේ නුගේගොඩ පිහිටි එම සංගම් කාර්යාලයේ දී අද14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස