අරගල නායක කෝනාර පොලිස් ඇමැතිගේ පක්ෂයෙන් මැතිවරණයට…!

January 17, 2023 at 1:14 pm | by emanisa.lk

අරගලයේ නායකයෙකු වූ විරාජ් කෝනාර මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වෙයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයෙන් ඔහු මහරගම නගර සභාව සඳහා තරඟ වැදීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවා දමන තුරු විරෝධයේ අන්තයටම ගිය ද හැමදාම එතැන සිටීම අවශ්‍ය නොවන බවයි, කෝනාර පෙන්වා දෙන්නේ.

හැමදාම නෑ බෑ කියමින් සිට පලක් නොමැති බවත් රටේ සම්පත්වලින් ප්‍රයෝජනගත යුුුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *