අයියා මලෝ ෂේප් වෙයි, ඔයා නිකං ඉන්න..! මහජන ආරක්ෂක ලේකම් දේශබන්දුට කියලා..! – විමල්…

May 17, 2022 at 7:56 pm | by emanisa.lk

අරලියගහ මන්දිරයේ සිට ගාලු මුවදොර වෙත යාමට පැමිණි පිරිස වැළක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දුන් බව ඇමැති විමල් වීරවංශ පවසයි.

කෙසේ වුව ද මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා දේශබන්දු අමතා එම පිරිසට බාධා නොකරන ලෙස දැනුම් දී ඇතැයි හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ නිසා අතිවිශාල ගැටුමක් ඇති වූ බවත් එම ගැටුම ඉදිරියට දමා මැති ඇමැතිවරුන්ගේ දේපොළ ගිනි තැබීමට පිරිසක් සැලසුම් සහගතව කටයුතු කළ බවත් විමල් වීරවංශ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *