අරගලේ දෙවන අදියර පටන් ගන්න සූදානම්…! සිපෙට්කො විකුණන්න ඉඩදෙන්නෑ…! – ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව..

August 22, 2022 at 7:41 pm | by emanisa.lk

බලශක්ති ඇමැතිවරයා තව දුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් අරගලයේ දෙවන අදියර ආරම්භ කර නව ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එම සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල කියා සිටියේ මෙවර අරගලය ආරම්භ කරන්නේ මෙරට වෘත්තීය සමිති බවය.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයකට තමන් කණ්ඩායම ඇද දැමීමට කටයුතු කරනවාද නැද්ද පිළිබඳව ඇමැතිවරයා සිතා බැලිය යුතු බවය.

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව කියා සිටින්නේ ජාතික සම්පත් කුණු කොල්ලයට කළු කඩ මුදලාලිලාට සහ වංචනික සමාගම්වලට විකිණීමේ කුමන්ත්‍රණයෙන් රට බේරාගැනීමට සියලු ම ජනතාව පෙළගැස්වීමට කාලය උදාවි ඇති අතර ඇමැතිවරුන්ගේ හිතවත්කම් උදෙසා ජනතාවගේ ජීවිත බිල්ලට දීමට කටයුතු නොකරන බවය.

2002 වර්ෂයේ ද රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටින වකවානුවේ ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට උත්සහ ගත් අතර නැවත 2022 වර්ෂයේ ඔහු ජනාධිපතිව සිටින විට ද එම උත්සහය ම ගැනීමට වෙර දරන බවට ආචාර්ය අශෝක රන්වල චෝදනා කළේය.

වෘත්තීය සමිති තිබෙන තුරු එම උත්සහාය සාර්ථක වීමට ඉඩ නොදෙන බවත් මර්දනයට බියෙන් නිහඬවන්නට තම සංගම් සුදානම් නොමැති බවත් හෙතම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස