වෘත්තීය සමිතිවල විරෝධය අදාළ නෑ…! ඛනිජ තෙල් විදුලිය පෞද්ගලීකරණය අනිවාර්යයි..! – ඇමැති කාංචන…

August 21, 2022 at 1:11 pm | by emanisa.lk

ඛනිජ තෙල් වෘත්තීය සමිති යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම්වලට විරෝධය පළ කර ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

කෙසේ වුව ද එම වෘත්තීය සමිති මෙයට පෙර එම සැලසුම් පිළිබඳ දැනුම්වත් කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ඔවුන්ට විරෝධය පළ කිරීමට ඇති අයිතියට අභියෝග නොකරන බව පවසන ඇමැතිවරයා අවධාරණය කරන්නේ ඛනිජ තෙල් මෙන් ම විදුලිබල ක්ෂේත්‍රයට ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්ය බවය.

ඒ සඳහා වන කටයුතු අඛණ්ඩව සිදුවන බව ද අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *