පසුගිය මැයි 09 වෙනිදා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට තමන් ඇතුළු පිරිස ගියේ ජනාධිපතිවරයාට සන්දේශයක් භාර දීමට බව පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී අශෝකා හඳපාන්ගොඩ පවසයි.
එහි දී තමන් දියණිය ගැනීමට ඇගේ කාර්යාලය අසලට ගිය විට අරගලකරුවන්ගේ ග්‍රහනයට නතු වූ බවත් ජීවත්වීමේ ආශාව ද අත්හැරි බවත් ඇය සඳහන් කරයි.
එහි දී තමන්ට දිගින් දිගට ම පහර දෙමින් මුහුණට කෙළ ගැසූ බව ද අහිංසක ජනතාවට පහර දී බේරේ වැවේ ගිල්ලූ බව ද පැවසුවාය.
එදින එක්තරා පිරිසක් මිනී මරමින් දේපළ ගිනි තබමින් මහා විනාශයක් කළ බව ද දේශපාලනය කිරීම යනු රට ගිනි තැබීම නොවන බව ද අශෝකා හඳපාන්ගොඩ ප්‍රකාශ කළාය.
එම භීෂණයට මුහුණ දුන් අයකු ලෙස එහි බිහිසුණු බව හොඳින් දන්නේ තමන් බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.