ජන අරගලයේ නිරත පිරිස් “ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කර තිබේ.
ඊට අදාළ ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත.
ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර එහිදී පැවසුවේ ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි.
කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ දියුණුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවද හෙතෙම සඳහන් කළේය.