ගාලු මුවදොරට පැන්න මැරයින් නතර නොකරන ලෙස මට නියෝග දුන්නා…! – දේශබන්දු…

May 16, 2022 at 11:24 am | by emanisa.lk

අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසට ගාලු මුවදොර වෙත යාමට කිසිසේත් ඉඩ ලබා නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට නියෝග කළ බව බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

පසුගිය මැයි 09 වෙනිදා ගාලු මුවදොර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිඛිත ප්‍රකාශයක් ලබා දෙමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව හෙළි කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිස් කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බලකාය, ජල ප්‍රහාරක රථ දෙකක් සහ කඳුලු ගෑස් ප්‍රහාර සඳහා එම ස්ථානයට කැඳවූ බව ද හෙතෙම පවසයි.

කෙසේ වුව ද ජනාධිපතිවරයා කවර උපදෙස් ලබා දුන්න ද එම කලහකාරීන් පිරිසට ජල ප්‍රහාර හෝ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු නියෝග කළ බවයි, දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

එම ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ නියෝග හමුවේ තමන්ගේ ප්‍රතිචාරය ඒ අසල සිටි නිලධාරීන් ද දුටු බවත් අදාළ සිදුවීම පිළිබඳ ජනාධිපතිවරයාට ඒ අවස්ථාවේ ම දැනුම් දුන් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව කටයුතු කළේ නම් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය වළක්වාගැනීමට තිබූ බවත් තෙන්නකෝන් අවධාරණය කළේය.

මෙම ප්‍රහාරය වැළැක්වීම සඳහා ක්‍රියාවට නැංවූ සිය සැලසුම පිළිබඳ විමසීම සඳහා ඕනෑ ම ජ්‍යේෂ්ඨ හෝ කනිෂ්ට නිලධාරියෙකු මානව හිමිකම් කොමිසමට කැඳවන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *