“මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්. වැඩ කරන්නම්” කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිතුමා උදෑසන ආරම්භ වූ තැන් පටන් මධ්‍යම රාත්‍රී 11-12 පමණ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු අලවුවේදී පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පළ කලේය.