අයවැය පරදා ආණ්ඩුව ගෙදර යවන්න සාකච්ඡා…! පෙරටුගාමීන් සහ අරගලකරුවනුත් එක්වෙති…!

September 25, 2022 at 9:07 am | by emanisa.lk

ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අයවැය ලේඛනය පරාජයට කොට හදිසි මහ මැතිවරණයක් ලබාගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් ද දැනට මැතිසබයේ නැති පෙරටුගාමීන් හා අරගලකරුවන් ද මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවට සහභාගී වන බව දැන ගන්නට තිබේ.

පසුගිය කාලයේ ස්වාධීන වුවද ආණ්ඩු පක්ෂයේ රැඳී සිටි මන්ත්‍රීන් ගණනාවක් විපක්ෂයේ අසුන්ගත් අතර ළඟදීම ආණ්ඩුවට මැතිසබය තුළ පවතින බහුතරය අහිමි කරන බවට ද ප්‍රකාශ නිකුත් කර තිබිණි.

දිනෙන් දින අධික වන ජීවන වියදම සහ ආගමික ස්ථානවල විදුලිය ගාස්තු විශාල ලෙස ඉහළ නැංවීම මුල් කරගෙන ලබන සතියේ සිට උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට විපක්ෂයේ පක්ෂ ගණනාවක් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *