අනුරට බැරි වුණාට සජිත්ට මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්…!

September 15, 2021 at 12:34 pm | by emanisa.lk

ආණ්ඩුව ගෙදර යැවීමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට නොහැකි වූවාට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි පවසයි.

එම ශක්තිය ඇත්තේ සමගි ජන බලවේගයට පමණක් බව ද ඔහු කීය.

ජනතව බලය දුන් අවස්ථාවල පවා ඇමැතිකම් අතහැර විපක්ෂයට එක් වූ ජවිපෙට ආණ්ඩු කිරීමේ හැකියාවක් නැත ද සමගි ජන බලවේගයයට මැතිවරණයක් නොමැතිව වුවත් ආණ්ඩුවේ පිරිසක් එකතු කරගෙන ආණ්ඩුවක් නිර්මාණය කර කොවිඩ් මර්දනය කර ආර්ථිකය යළි ගොඩගත හැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

අද ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත්ව රටත්, ජනතාවත් විපත් මගට ඇද දමා ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස