අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්….! ඇමැති ධූර 07ක් මාරු වෙයි…! සෞඛ්‍ය අමාත්‍ය ධූරය කෙහෙළියට…!

August 16, 2021 at 12:21 pm | by emanisa.lk

කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කර ඇති අතර ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් දිවුරුම් දී තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්හ.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය. ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ දිවුරුම් දුන්නේ විදුලිබල අමාත්‍යවරයා ලෙසය.

ජනමාධ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර
විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *