ආරක්ෂක ඇමති ජනාධිපති ගෝඨාභය!

August 12, 2020 at 10:35 am | by emanisa.lk

නව රජයේ ආරක්ෂක ඇමති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව මෙයට සුළු මොහොතකට පෙර අමාත්‍ය මණ්ඩලය පත්කරන මහනුවර දළදා මාළිගාවේ මගුල් මඩු පරිශ්‍රයේ දී නිවේදනය කළේය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට කිසිදු ඇමති ධුරයක් දැරිය නොහැකි නිසා එම සංශෝධනය වෙනස් කිරීමෙන් පසු ජනාධිපතිවරයා අදාළ ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇත.

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුුරය චමල් රාජපක්ෂ දරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස