අභයාරාමේ එන්නත් වැඩසටහන වැරදි ආදර්ශයක්….! අපේ වගකීමක් නෑ,…! – සෞඛ්‍ය අමාත්‍යංශය….

May 31, 2021 at 12:29 pm | by emanisa.lk

නාරාහේන්පිට අභයරාමයේ කොවිඩ් දෙවන මාත්‍රාව ලබා දීමට සංවිධානය කළ එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ සම්බන්ධයක් නොමැති බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආච්චි පවසයි.

එන්නත් ලබා දෙන බව ප්‍රචාරය වීමත් සමඟ පෙරේදා එම විහාරස්ථානය අසලට විශාල පිරිසක් එකතු වූ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ දැඩි ඉල්ලීම සලකා එන්නත් ප්‍රමාණයක් විහාරස්ථානයට ලබා දී තිබේ.

මෙම එන්නත් විහාරස්ථාන ලැයිස්තුවක් අනුව ලබා දී ඇති අතර ඇතැමුන්ට විහාරස්ථානය පිවිසීමට පවා ඉඩ නොදීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

මේ නිසා කොවිඩ් පැතිරීමේ අවදානමක් ද මතු වූ බව ඇමැතිවරිය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *