පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙවර අයවැය වැදගත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මුදල් ප්රතිපත්ති තර කර පොලී අනුපාත වැඩි කිරීම් බදු වැඩිකිරීම් සිදු නොකළේ නම් මේ වන විට රට තුල උද්ධමනය 100% ඉක්මවීමට ඉඩ තිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.