මේ වසංගත කාලේ මැති ඇමැති වැටුප් අඩු කරනු…!

August 9, 2021 at 8:32 am | by emanisa.lk

ලෝකයේ බොහෝ රටවල් මෙවැනි අර්බුදකාරී අවස්ථාවල සිදුකළේ වැටුප් වැඩි කිරීම නොව වැටුපින් කොටසක් ගෙවීම බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කොවිඩ් 19 නිසා ලංකාවේ පෞද්ගලික අංශයේ වසා ඇති කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට ලබා දෙන්නේ රු. 14500ක් හෝ වැටුපින් අඩක් පමණක් බව ද ස්වයං රැකියාවල නිරත වූ අයගේ ආදායම් සම්පූර්ණයෙන් අහිමි වී ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපින් ද කොටසක් ද කොවිඩ් වසංගතය මර්දනය කිරීමට ලබාදිය යුතු බවත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක උදව් කරනු ඇතැයි තමන්ට විශ්වාස බවත් ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස