තමන් සිංහල ඉගනීමට බොහොම ආශාවෙන් සිටිය ද ඒ සඳහා ගුරුවරයෙකු නොමැති බවත් සිංහල ගුරුවරයෙකු ලබා ගැනීමට උදව් කරන ලෙසත් යාපනේ ඔඩ්ඩුසුඩාන් විද්‍යාලයේ සිසුවියක පසුගිය දා ඉල්ලා සිටියා ය.
යාපනේ ඔඩ්ඩුසුඩාන් විද්‍යාලයට යුද හමුදාව මැදිහත් වී පාසල් පොත් බෙදා දීමේ උත්සවයක් ව්‍යක්ත සිංහල භාෂාවෙන් අමතමින් මෙම සිසුවිය එම ඉල්ලීම කළා ය. මෙම ඉල්ලීම සිදුකළේ මේ ඉල්ලීම කළේ මුලතිව් ආඥාධිපතිතුමන්ගෙනි.
“අපි හරිම ආසයි සිංහල ඉගෙන ගන්න. ඒත් අපේ ඉස්කොලෙට සිංහල ගුරුවරයෙක් නෑ. අපේ විදුහලට සිංහල ගුරුවරයෙක් ලබා දෙන්න උදව් කරන්න.”
23 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ප්‍රජා සත්කාර සේවාවක් ලෙස මේජර් බුද්ධික අතුකෝරළගේ මූලිකත්වයෙන් මෙම පොත් බෙදා දීම සිදුවිය.
මේ සඳහා ඇමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන් ම වත්තල ප්‍රදෙශයේ පදිංචි අයෙක් ද අනුග්‍රහ දක්වා ඇත.