අපි පළාත් සභා නැවත පිහිටුවන කතා බොරු! පළාත් සභා ඡන්දය තියනවා විතරයි!

December 29, 2020 at 2:38 pm | by emanisa.lk

පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නො පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ පවත්වනවා ද නැති ද යන්න තීරණය කිරීම සඳහා ඊයේ ( 28 ) පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේ ය.

පක්ෂ නායක රැස්වීමෙන් පසුව මාධ්‍යය ඇමතූ පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ කාරියවසම් මෙසේ පැවසී ය.

“පළාත් සභා ක්‍රමය දැනටත් ක්‍රියාත්මක වෙනවා. එකම දේ එතැන තියෙන්නේ මහජන නියෝජිතයින් නොමැතිකම ඒක ගැන සාකච්ඡා වුණා. ඒ කෙසේ වෙතත් මේ තියෙන සෞඛ්‍ය තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීමට තියෙන හැකියාව ගැනත් කතා වුණා. මේ තියෙන තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීමට ඇති නොහැකියාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුවුණා.

සමාජයේ වැරදි මතයක් ගිහින් තියෙනවා පළාත් සභා නැවත ගේන්න යනවා කියලා. නමුත් ඇත්තෙන්ම තියෙන තත්ත්වය තමයි මේ රටේ පළාත්සභා අදටත් තියෙනවා. එකම දේ පළාත් සභා ක්‍රියාත්මක වෙනවා නිලධාරීන් කිහිපදෙනෙක් හරහා. පරණ විදියට ප්‍රතිපාදන දෙනවා හැමදේම සිදුවෙනවා නමුත් මහජනතාවට නිසි ආකාරයෙන්සි සේවයක් සිදුකෙරෙන්නේ නෑ. එය නිලධාරීන්ට අවශ්‍ය විදියටයි කෙරෙන්නේ. මහජන නියෝජිතයෝ නොමැති නිසා.

ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ රජය කටයුතු කරනවා. එයින් පස්සේ පළාත් සභා තියෙයිද නැද්ද දන්නේ නෑ. නමුත් දැනට ක්‍රියාත්මක වෙන පළාත් සභා සඳහා ඒ ක්‍රියාත්මක වෙන තෙක් ඒ මහජන නියෝජිතයින් හරහා ක්‍රියාත්මක කළ යුතුයි කියන එක ගැන සාකච්ඡා වුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස