අපි නම් ලෑන්ඩ්සේල්කාරයොත් තානාපති ලා කළා…! අපි තානාපති සේවය කළේ එහෙමයි…!.. හේෂා විතානගේ….

January 8, 2021 at 10:41 am | by emanisa.lk

පසුගිය තම ආණ්ඩුව යටතේ තානාපති සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත ලෑන්ඩ්සේල්කාරයින් පවා පත්කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

කිසි ම රාජතාන්ත්‍රික සුදුසුකමක් නොමැති මෙවැනි පුද්ගලයන් නිසා එකල මුහුණ දීමට සිදු වූ ප්‍රශ්න තමන්ට මතක බව ද ඔහු සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුව යටතේ ද එවැනි දේශපාලන හිතවත්කම් මත තානාපති සේවයට කණ්ඩායම් යවන්නේ ද තානාපති සේවයට ගිය කණ්ඩායම්වල ප්‍රගතිය මාසිකව හෝ තෛමාසිකව ඇගයීමේ ක්‍රමවේදයක් තිබේ දැයි හෙතෙම විමසා සිටියේ ය.

අද (08) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ පිළිබඳ ප්‍රශ්න කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස