ලෝකය වෙනස්වීමත් සමග සිය දේශපාලන න්‍යාය ද වෙනස්ව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.
‘The Hindu’ මාධ්‍යවේදිනිය වන මීරා සිරිනිවාසන් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.
“ලෝකය වෙනස් වෙලා; අපේ පක්ෂයත් වෙනස් වෙලා. සමකාලීන ලෝකයේ විශාල දේශපාලන බල කේන්ද්‍ර තිබෙනවා. මෙම බල කේන්ද්‍ර අතර දැවැන්ත දේශපාලන හා ආර්ථික ප්රතිවිරෝධතා පවතින බව අපි දන්නවා. අපි උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව මේ මහා බල කේන්දරවල එදිරිවාදිත්වයෙන් ඈත් කිරීමට.
අපගේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව ප්‍රධාන දේශපාලන හා ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව අපි දන්නවා. එබැවින්, අපි ආර්ථික හා දේශපාලන තීරණ ගන්නා විට, එය ඉන්දියාවට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව සැම විටම සැලකිලිමත් විය යුතුයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයක් නැහැ.
ලෝකයේ මෑතකාලීන දේශපාලන වර්ධනයන් විශ්ලේෂණය කරන අතරම අපි සියලුම රටවල් සම්බන්ධ කර ගන්නවා. අපි නොබැඳි රටක් ලෙස පවතිනු ඇත.”