අපි ණය ගෙවන්නේ නෑ කීවොත් ණය හිමියෝ “හා කමක් නෑ මචං” කියනවා…! – සුනිල් හඳුන්නෙත්ති..

January 3, 2024 at 11:24 am | by emanisa.lk

ස්වෛරී බැඳුම්කර සඳහා ව්‍යාපාරිකයින් මුදල් යොදවන්නේ එහි අවධානම භාරගෙන බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසයි.

බැඳුම්කර සඳහා පොලිය ගණනය කරන්නේ එම අවධානම ද සලකා බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එම බැඳුම්කර ණය ගෙවන්නේ නෑ යැයි අපි කිවහොත් ණය හිමියන් “හා කමක් නෑ මචං කියනවා” යැයි ද හෙතෙම සඳහන් කරයි.

තමන් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් උවමනා බවත් කොන්දේසී පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ගුවන්විදුලි වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *