අපි ජනතාව රවට්ටන්නේ නෑ… ජනතාව කියන දේ කරනවා..! – බැසිල්…

March 5, 2024 at 1:12 pm | by emanisa.lk

තම පක්ෂය කිසි දිනක ජනතාව රැවටීමට උත්සාහ කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද (05) උදෑසන දිවයිනට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

“අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ. ජනතාව කියන දේ තමා කරන්නේ. අපිට සමහර තැන්වලදි වැරදෙනවා. ජනතාව අපි කියන දේ පිළිගන්නේ නෑ. සමහර වෙලාවට ජනතාව කියන දේ අපි පිළිගත්තේ නැති අවස්ථා තියෙනවා. ඒවා නිවැරදි කරගෙන යනවා.”

එමෙන්ම තමා නැවත වතාවක් පාර්ලිමේන්තු ඒමට කිසිදු අදහසක් නොමැති බව ද පැවසු ඒ මහතා කුමන මැතිවරණයක් පැමිණියක් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදු කරන බව ද මෙහිදී සඳහන් කළේය.

වෙනසක් අවශ්‍ය තැන්වල දි එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසු බැසිල් රාජපක්ෂ මහතා, සෑම මැතිවරණයක්ම අභියෝගයක් බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *