අපි කොරෝනා වෛරසයට බයේ පළාගිය පිරිසක් නොවේ….! වෛද්‍යවරු පිරිසක් එකට ආහාර ගැනීම පාටියක් නෙවෙයි….! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

January 15, 2021 at 1:40 pm | by emanisa.lk

සිය සංගමය කොරෝනා වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් මිස හැංගී පැනගිය පිරිසක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනීමේ සිද්ධිය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කරමින් එම සංගමය මේ බව සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළඳීම අනපේක්ෂිත දෙයක් නොවන බවය.

ඔහු සමග එම වාට්ටුවේ කිසිදු පිටස්තර කෙනෙකුගෙන් තොරව වෛද්‍යවරු කණ්ඩායම එකට ආහාර ගැනීම ප්‍රිය සම්භාෂනයක් ලෙස පළකරමින් අවමන් කිරීම සුදුසු නොවන බවද ඉන් පෙන්වා දෙයි.

ඕනෑම අභියෝගයකට නිවැරදිව මුහුණ දීමේ අත්දැකීම් සිය සංගමය සතු බවත් කිරිපිටි ඇතුළු වැරදි ආහාර, දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මෙහෙයවන මුදල්වලට විරුද්ධව රටේ දරුවන්ගේ යහපත සඳහා සිය සංගමය කරගෙන යන මෙහෙයුම් යටපත් කළ නොහැකි බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *