අරගල භූමියට පහර දුන් දින රාත්‍රියේ සියලු තුවාලකරුවන් රහස් මාර්ග ඔස්සේ ප්‍රතිකාර සඳහා යොමු කළ බව අරගලකරුවෝ පවසති.
එදින උදෑසෙන හමුදාව ගිලන්රථයක් ගෙන්වා තුවාලකරුවන් සිටී නම් යොමු කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේ අරගල බිමේ තුවාලකරුවන් නොසිටියේ ඒ නිසා බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.
ගාලු මුවදොරින් විහාරමහාදේවී උද්‍යානයට අරගලය රැගෙන යාමට තමන් අහිකණ්ඨකයින් නොවන බවත් ගාලු මුවදොරින් යාමට සූදානම් නොමැති බවත් ඔවුහු අවධාරණය කරති.
තමන් දැන් අරගල කරන්නේ උද්ඝෝෂණ සඳහා වෙන් කළ භූමියේ බව ද ඔවුන් පෙන්වා දුන්නේ මාධ්‍ය හමුවක් අමතමිනි.