අනුරට කුණු බිත්තර ගැසීම තරයේ හෙළා දකිනවා..! – සජබ..

February 1, 2022 at 1:35 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කරමින් එල්ල කළ කුණු බිත්තර ප්‍රහාරය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය හෙළා දකින බව සමගි ජනබලවේගයේ උප සභාපති ගයන්ත කරුණාතිලක පවසයි.

කුණු බිත්තරවලින් දමා ගැහුවත් වෙඩි උණ්ඩ, බෝම්බ ප්‍රහාර එල්ල කළත් කලින් කලට එල්ල වන මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා කිසි ලෙසකින්වත් අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

යල් පැනගිය දේ කරමින් නූතනයේ දේශපාලනය කළ නොහැකි බව මෙවැනි පහත් ක්‍රියා සිදුකළ අය තේරුම් ගත යුතුව ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

දේශපාලනයේ නිරත විම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සියලු දෙනාට තිබිය යුතු බැවින් එම අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීම යැයි ද හෙතෙම පැවසීය.

මේ පිළිබඳ ස්වාධීන විමර්ශණයක් කර වැරදි කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් පැමිණවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *