පැරදුණු එකාට දිනු එකා ගහන කාලේ ඉවරයි…! ඡන්දෙන් දිනූ ජේ.ආර්. මුනුබුරාට කුණු බිත්තර ප්‍රහාරයක්…!

February 1, 2022 at 9:04 am | by emanisa.lk

කොළඹ මහා නගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධුරය ජයග ගත් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුණුපුරෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට බිත්තර සහ මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න එම ධූරයට තරග කළ අතර එහි දී වැඩි ඡන්දයෙන් එම ධුරයට තේරි පත් වූයේ ප්‍රදීප් ජයවර්ධනය. එම පත් කිරීමට විරෝධය දක්වමින් සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයා පිහියක් රැගෙන ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා පහර එල්ල කිරීම උත්සහ කර ඇති බව ද වාර්තා වේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය වන සුරේඛා අබේගුණරත්න ද කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් වන අතර ඇය ද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට බිත්තර, මිරිස් කුඩු කහ කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇත.

අනතුරුව මෙම මොවුන් දෙදෙනා අසභ්‍ය වචන භාවිත කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව ද වාර්තා වේ. සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය එල්ල කළ බිත්තර, මිරිස් කුඩු සහ කහ කඩු ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ කමිසයේ ද විසිරී තිබිණ. මෙම සිද්ධිය පිළිබද ප්‍රදීප් ජයවර්ධන කුරුඳුවත්ත පොලිසියටද පැමිණිලි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස