පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාරට පොහොට්ටුවෙන් ම කුණු බිත්තර ප්‍රහාරයක්…!

April 7, 2021 at 9:19 pm | by emanisa.lk

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සහ සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර බහින් බස්වීමක් ඇතිව තිබේ.

ඒ අනුව අද (07) පැවැති සංවර්ධන කමිටු රැස්වීම අතරමඟ නවතා මන්ත්‍රීවරයා ඉන් පිටව ගොස් ඇති අතර එහි දී ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වෙයි.

එහි දී පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම ආසන සංවිධායකවරයා, මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව සභාපතිවරයා විසින් ඒකාධිපති ගමනක් යන බව පවසමින් සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් චෝදනා එල්ල කර තිබේ.

එහි දී මන්ත්‍රී ජගත් කුමාර ‘මට මගේ රාජකාරිය කරන විදිහ උගන්වන්න එපා’යනුවෙන් පැවසීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

පසුව කමිටුවේ වැඩකටයුතු අතරමඟ නවතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සභාපතිවරයා පිටව ගොස් ඇති අතර
එහිදී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හූ කියමින් ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *