අපේ පක්ෂයේ ආරක්ෂාව හමුදා ආරක්ෂාවටත් වඩා ප්‍රබලයි..! ඊයේ ප්‍රහාරයෙන් නායක සහෝදරයා බේරුණේ ඒකයි..! – විජිත..

January 31, 2022 at 3:36 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට එල්ල වූ මැර ප්‍රහාරය වළක්වා ගත හැකි වූයේ පක්ෂය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ගෙන යන නිසා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

පක්‍ෂයේ සහෝදරයන්ගෙන් ලැබෙන ආරක්ෂාව හමුදා පුහුණුවෙන් ලබන ආරක්ෂාවට වඩා බලවත් බව ද හෙතෙම පැවසීය.

තම පක්ෂය ආරක්ෂා කරන්නේ ජනතාව බව ද පැවසූ ඔහු ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරය පසුපස දේශපාලනය ඇති බවත් රටේ ජනතාව ඒ ගැන සත්‍ය දන්නා බවත් කියා සිටියේය.

ප‍්‍රහාරය පසුපස සිට පුද්ගලයන් කවුද යන්න එම ප්‍රහාරය සිදු කළ අය මේ වන විටත් පවසා ඇතැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

අද පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස