ජවිපෙ නායකයාට කුණු බිත්තර ප්‍රහාරයක්…! ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට චෝදනා…!

January 31, 2022 at 8:51 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකගේ රථයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ජාතික ජන බලවේගය විසින් ගම්පහදී ඊයේ (30) පැවැත් වූ දිස්ත්‍රික් සමුළුවේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයන් දෙදෙනෙකු පාක්ෂිකයන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත. එම සැකකරුවන් දෙදෙනා සඳහන් කර තිබුණේ ඔවුන් සමග තවත් 16 දෙනෙකු පැමිණ තිබූ බවයි.

ප්‍රහාරය එල්ල වූයේ අනුර දිසානායක එම ස්ථානයට පැමිණෙමින් සිටියදී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසල දී ය.

මෙම ප‍්‍රහාරය සිදු කළේ ප‍්‍රබල ඇමතිවරයෙක් හා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දැනුවත්කම මත බවට චෝදනා නැඟෙයි. මේ අතර ආණ්ඩු පාර්ශ්වය චෝදනා නඟන්නේ මෙය සමගි ජන බලවේගයේ වැඩක් බවටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *