ත්රස්ත්රවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.
රට තුළ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සද්භාවයෙන් දරන ලද ප්‍රයන්නයන් වැඩි දියුණුකර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීතියේ අධිපත්‍යයේ හිතසුව පිණිස එම සංවිධාන තහනම් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව් ද පර්ල්ස් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන මෙරට තහනම් සංවිධාන වෙයි.