අන්තරේ වසන්තලා වැදි පරපුරටත් නින්දාවක්…! සනුහරේ ගඳ ගැස්සුවයි දඹනෙන් පන්නයි..!

July 29, 2022 at 9:30 am | by emanisa.lk

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ලිපියක් පහත දැක්වෙයි.

දඩියා එහෙමත් නැත්තම් වසන්ත මුදලිගේ (කුමාර ගුණරත්නම් ගේ සුවච කීකරු ගෝලය ) කියන්නේ මේ දවස්වල මාධ්‍ය ඉස්සර වගේම මහපාරෙත් විරයෙක්. ආදිවාසි උරුමයත් එක්ක දඹානෙන් ඇවිත් අන්තරේ කැඳවුම් කරු වෙලා ආණ්ඩු පෙරලන්න කැම්පස් ළමයි හසුරුවද්දී ගමේ මිනිස්සුන්ට වුනත් කොච්චරනම් ආඩම්බරද?

ආදිවාසි නායක ඌරුවරිගේ තිසාහාමි, වන්නිලා ඇත්තන් ගේ පරපුර නම් කියන්නේ මිට වෙනස් කතාවක්. ඌරුවරිගෙම පුරුකක් වුන වසන්තගේ අම්ම ඒ කියන්නේ උල්පත නිවාස දඹාන මහියංගනය පදිංචිව සිටි ඌරුවරිගෙ කලුමැණිකා කියන්නේ මුළු ඌරුවරිගයම ගඳ ගස්සපු කෙනෙක්. ඒ නිසා වරිගෙනුත් පන්නලා දැනට තණමල්විල වසන්තගේ අක්ක ලග ජිවත් වෙනවා.

වසන්තගේ අම්මා ගංජා වලට ඇබ්බැහි වුන කෙනෙක් වගේම 2011 වගේ කාලෙක ඉදන් ගංජා බිස්නස් කරන කෙනෙක්.කිහිප වතාවක්ම උසාවියෙන් වරදකාරිය වෙලත් තියනවා. එක අවුරුද්දක් නෙවෙයි 2011 ඉදන් 2019 වෙනකන්ම. දැන් අක්කා බිස්නස් එක රන් කරනවා කියල තමයි ආරංචිය. බොරු නම් ඕන කෙනෙක්ට පහත නඩු වාර්තා බලන්න පුළුවන්.

* 2011.04.27 – ම/උ නඩු අංක 78854
* 2011.08.29 – ම/උ නඩු අංක 80806
*2019.01.23 ම/උ නඩු අංක 63693

නිකමට හිතල බලන්න 2011 කියන්නේ වසන්ත උසස්පෙළ ලියන කාලේ. 2019 කියන්නේ වසන්ත හරියට ඉගෙනගත්තනම් රස්සාවක් කරන කාලෙ. මේ දේවල් දන්නෙම නැද්ද? වසන්ත මේවා බලාගෙන හිටියද?

අපට තියන වැදගත්ම ප්‍රශ්නේ එක නෙවෙයි

1. වසන්තට පොලිසිය පෙන්න බැරි අම්මාට නඩු දැම්ම නිසාද ?
2. රට හදන්න දගලන වසන්ත මුදලිගේට තමන්ගේ අම්මව හදාගන්න බැරි වුනාද?
3. අම්මව හදාගන්න බැරි වුන වසන්ත රට හදයිද?
4. වසන්තත් ගංජා මුදලාලි කෙනෙක්ද (වසන්තගේ කැම්පස් එකේ මිතුරන් පවසන ආකාරයට ඔහු කැම්පස් එකේ ජයටම ගංජා විකිණීම සිදු කර තිබේ )?
5. අන්තරේ වගේ විද්‍යාර්ථයින් සමුහයකට නායකත්වය දෙන්නේ අම්මව වත් හදාගන්න බැරි වුන පුතෙක්ද?

මාධ්‍ය ඉස්සරහා සාමාන්‍ය ජනතාවට වීරකම් පෙන්නන වසන්ත ගෙදර ගිහින් පොඩ්ඩක් අම්මවවයි අක්කවයි හරි පාරට ගත්තනම් නේද හොද ? රට හදන්න කලින් ඌරුවරිගෙ නම්බුව රැක්කනම් නේද හොද? රට වෙනුවෙන් සටන් කරනවා කියමින් තමන්ගේ පුද්ගලික පලිගැනීම් පිරිමහා ගැනීම් කෙතරම් පීචන්ද ? ගංජා කාරයෙක්ට ගංජා ටිකක් වෙනුවෙන් රට, ජාතිය විකිණීම ඉතා සුළු දෙයක් නෙවිද ? එහෙවු ගංජා කාරයොන්ට අපි රැවටිය යුතුද ?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස