අධිවේගය නවතන්න මහණ කළ පණු කරඳ රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කරයි…!

September 3, 2021 at 9:26 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක අද දින (03) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය.

කඩවත – මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී මතභේදයට තුඩු දුන් පණු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාඛය මෙරටින් තුරන්ව ගිය ශාඛයක් නොවන බව නිල වශයෙන් පිළිගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේන් වඳ වී ගිය ශාඛයක් ලෙස සලකා රතු දත්ත පොතට ඇතුළක් කර තිබූ පණු කරඳ ශාඛය ඉන් ඉවත් කර තිබේ.

පණු කරඳ ශාඛය පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් හමු වීම මීට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *